කුරුවිට ප්‍රාදේශිය සභාව සතු මහජන පුස්තකාල

කුරුවිට මහජන පුස්තකාලය

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කොට්ඨාසයේ පිහිටි කුරුවිට ප්‍රාදේශිය සභාව පුස්තකාල 04 කින් සමන්විත ය. ඒ අතරින් ප්‍රධාන ස්ථානය හිමිවන්නේ කුරුවිට මහජන පුස්තකාලයට ය. 1963 වසරේ ජනවාරි මස පොත් කිහිපයක එකතුවෙන් ආරම්භ කරන්නට යෙදුන මෙම පුස්තකාලය කුරුවිට ගම් සභාවේ රැස්වීම් ශාලාවේ පවත්වාගෙන ගිය අතර 1972 සැප්තැම්බර් මස 17 දින වෙනම පුස්තකාල ගොඩනැගිල්ලක ස්ථාපිත කරන ලදී. මෙම පුස්තකාලය පෝය දින හා රජයේ නිවාඩු දින හැර සතියේ දින පහම විවෘතව (පෙ.ව8.30 සිට ප.ව 4.15 දක්වා) ඇත. බල ප්‍රදේශයේ ස්ථීර පදිංචි වයස අවු.03ට වැඩි සියලු දෙනාට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකිය. අයදුම්පත්‍ර පුස්තකාලයෙන් ලබා ගත හැකි අතර වෙබ් අඩවියෙන් බාගත කළ හැකි ය. එහි දී ළමුන් සඳහා සාමාජික ගාස්තු රු.50/= ක් ද වැඩිහිටි අය සඳහා රු.200/= ක් ද අයකරනු ලබයි.

විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලබා දී ඇති අතර විශේෂ විමර්ශන එකතුව, සබරගමුව එකතුව, ආයුර්වේද ග්‍රන්ථ එකතුව, විවිධ භාෂා (සිංහල,ඉංග්‍රීසි,දෙමළ,ජපන්,කොරියන්,ප්‍රංශ) බෞද්ධ ග්‍රන්ථ එකතුව, චරිතාපදාන, ගෘහ කර්මාන්ත විවිධ, කර්මාන්ත ගණිතය, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, තාක්ෂණ විද්‍යාව, පරිගණක විද්‍යාව, උද්භිත විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, වාණිජ විද්‍යාව, සියලු විෂයන් කළමනාකරණය, දර්ශන, පුස්තකාල විද්‍යා, සාමාන්‍ය දැනීම, කවි සාහිත්‍ය, නව කථා, කෙටි කථා, පරිවර්තන, ළමා කථා (සිංහල,ඉංග්‍රීසි,දෙමළ) නක්ෂත්‍ර විද්‍යාව,තාරකා විද්‍යාවවාස්තු විද්‍යාව,ඉතිහාස ග්‍රන්ථ ලෙස වර්ග කළ හැකිය.
මෙම පුස්තකාලයේ පාඨක සමාජයක් හා උපදේශක කමිටුවක් ද පිහිටුවා ඇති අතර පාඨකයන්හට පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග කිරීමටද අවස්ථාව ඇත.
පුස්තකාලයේ කියවීම් අංශයට දිනපතා,දිනමිණ, දිවයින, Daily News,පුවත් පත් ලබා ගන්නා අතරම අධ්‍යාපනික පුවත්පත් වශයෙන් මිහිර,විජය,විදුසර,පුවත්පත් ද සතිපතා සිළුමිණ,මව්බිම,Sunday Observer පුවත් පැරණි සඟරා එකතුවක්ද ඇත.

පුවත්පත් කියවීම් අංශය, ළමා අංශය, විමර්ශන අංශය, බැහැරදීමේ අංශය, අධ්‍යයන අංශය දැනට මෙහි පවත්වාගෙන යනු ලබයි.
2025 වර්ෂයේ පුස්තකාල මුලු පොත් සංඛ්‍යාව 12547 කි. දිනකට පැමිණෙන සාමාජික සංඛ්‍යාව 75-80ත් අතර වේ. අන්තර් පුස්තකාල සේවා, ග්‍රන්ථ හුවමාරු සේවා ක්‍රියාත්මක වේ. බල ප්‍රදේශයේ වසර 03ට වැඩි ළමා හා සියලු ප්‍රජාවගේ කියවීම් තොරතුරු ගවේෂණය තුළින් ගුණ නැණ පුබුදුවාලමින්, බහුශ්‍රැත සමාජයක් ගොඩ නැගීම,සමෘධිමත් දේශයකට දායකත්වය සැපයීම අපගේ අරමුණයි.

එල්ලාවල මහජන පුස්තකාලය

කුරුවිට ප්‍රාදේශීය සභාවේ එල්ලාවල උප කාර්යාලයේ පුස්තකාලය පිහිටා ඇති අතර මෙය වර්ෂ 1970 පෙබරවාරි මස 12 වන දින ආරම්භ වූවකි. කුඩා පොත් එකතුවකින් ආරම්භ කර ඇති මෙම පුස්තකාලය වර්තමානය වන විට පැහැදිලි දියුණුවක් කරා එළඹ ඇත. මේ වන විට සාමාජික සංඛ්‍යාව 973 වන අතර පුස්තකාලයේ පවතින පොත් සංඛ්‍යාව 6783 කි.

එල්ලාවල මහජන පුස්තකාලය පහත සඳහන් අංශවලින් යුක්ත වේ.

විමර්ශන අංශය
පුස්තකාලය සතු ප්‍රධාන අංශය විමර්ශන අංශයයි. විමර්ශන අංශය භාවිත කිරීමට සාමාජිකත්වය අවශ්‍ය නොවන අතර තම අනන්‍යතාව ඉදිරිපත් කොට පොත් පරිශීලනය කළ හැකි ය.

බැහැර දෙන අංශය
පොත් බැහැර ගෙනයාම සඳහා පුස්තකාලයේ සාමාජිකයකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වේ.එක් සාමාජිකයකු සඳහා පෙත් 02ක් දින 14ට නිකුත් කරනු ලැබේ. පුස්තකාලයෙන් නිකුත් කරනු ලබන පොතක් නියමිත දිනට භාර නොදුන්නේ නම් ප්‍රමාද ගාස්තු වශයෙන් පාසල් අයදුම්කරුවක් සඳහා රුපියල් 2.00 බැගින් ද සාමාන්‍ය සාමාජිකයන්ට රුපියල් 5.00 බැගින් ද දඩ අයකරනු ලැබේ.

පුවත්පත් හා සඟරා අංශය
සිංහල බසින් හා ඉංග්‍රීසි බසින් පළවන දිනපතා පුවත්පත් ලෙස දිවයින,දිනමිණ,Daily News,යනාදි පුවත්පත් ද සතිපතා පුවත්පත් ලෙස දිවයින,සිළුමිණ,Sunday Observer යනාදී පුවත්පත් ද,අධ්‍යාපනික පුවත්පත් ලෙස විජය,මිහිර,විදුසර ආදී පුවත්පත් ද මිල දී ගනු ලැබේ.

ළමා අංශය
ළමා වියේදීම දරුවන්ගේ දැනුම කුසලතා වර්ධනයව හා කියවීම හුරු කිරීම උදෙසා මෙම අංශය ක්‍රියාත්මක වේ.

පුස්තකාල සාමාජිකත්වය ලබා දීම
කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවකු විය යුතු ය.

ඇපකරු වශයෙන් පාසල් සිසුන් සඳහා මව/පියා /භාරකරු /විදුහල්පති/පංතිභාර ගුරුවරයාඅත්සන් කළ යුතු ය.
සාමාන්‍ය සාමාජිකයන් සඳහා ඇපකරු වශයෙන් වාර්ෂික වැටුප් ලබන රජයේ/පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර නිළධාරියකු හෝ ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු/බදු ගෙවන්නකු විය යුතු ය.
පුස්තකාල සාමාජිකත්වය ලබා දීමේ දි පාසල් සිසුන්ට රුපියල් 50ක මුදලක් ද,සාමාන්‍ය සාමාජිකයන් සඳහා රුපියල් 200 ක් ද අයකරනු ලබයි.

පුස්තකාලය විවෘතව තබන වේලාවන් හා දිනයන්
සඳුදා සිට සිකුරාදා දින දක්වා – පෙ.ව 8.00 – 4.15

කිරිඇල්ල මහජන පුස්තකාලය

කුරුවිට ප්‍රාදේශීය සභා පුස්තකාලයක් වන කිරිඇල්ල පුස්තකාලයේ ආරම්භය 1964-04-27 වන අතර ඉඩංගොඩ,කිරිඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇත.මේ වන විට සාමාජික සංඛ්‍යාව 2487 වන අතර පුස්තකාලයේ පවතින පොත් සංඛ්‍යාව 10679කි.

කිරිඇල්ල මහජන පුස්තකාලය පහත සඳහන් අංශවලින් යුක්ත වේ.

බැහැර අංශය,ළමා අංශය,විමර්ශන අංශය,පුවත්පත් අංශය,සඟරා අංශය,විශේෂ එකතුව,පුවත්පත් කැපුම් අංශය,පුවත්පත් ගබඩා අංශය,බිත්ති පුවත්පත,ළමා නිර්මාණ අංශය,කියවීම් අංශය ආදී අංශ ක්‍රියාත්මක වේ.

දොඩම්පෙ මහජන පුස්තකාලය

කුරුවිට ප්‍රාදේශීය සභා පුස්තකාලයක් වන දොඩම්පෙ පුස්තකාලය දශක 05ක් පමණ ඈතට දිවයන්නක් වේ.මෙහි ආරම්භය 1973.05.04 වන අතර හොලීපිටිය, කහංගම ප්‍රදේශයේ පිහිටා ඇත.මේ වන විට සාමාජික සංඛ්‍යාව 510 වන අතර පුස්තකාලයේ පවතින පොත් සංඛ්‍යාව 6706කි.

දොඩම්පෙ මහජන පුස්තකාලය පහත සඳහන් අංශවලින් යුක්ත වේ.

බැහැර අංශය,ළමා අංශය,විමර්ශන අංශය,පුවත්පත් අංශය,සඟරා අංශය,විශේෂ එකතුව,පුවත්පත් කැපුම් අංශය,බිත්ති පුවත්පත,ළමා නිර්මාණ අංශය,කියවීම් අංශය ආදී අංශ ක්‍රියාත්මක වේ.