සබරගමුව පළාතේ ප්‍රධාන වාණිජ හා පරිපාලන නගරය වන රත්නපුර නගරයේ වයඹ දෙසින් පිහිටි ජනාවාස සඳහා සේවය සපයන ප්‍රධාන උපග්‍රාහී නගරය ලෙස කුරුවිට නගරය හඳුනා ගැනේ. මෙය රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ප්‍රධාන ප්‍රවේශය ලබන අතර රත්නපුර නගරයේ සිට කි.මී. 14 දුරින් හා කොළඹ නගරයේ සිට කි.මී.84ක් දුරින් පිහිටා ඇත. එමෙන් ම රත්නපුර නගරයට පිවිසෙන දෙවන නගරයද වේ. කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ප්‍රධානතම රාජ්‍ය පරිපාලන ආයතනය වන කුරුවිට ප්‍රාදේශීය සභාව, ග්‍රාම නිලධාරී වසම් 56කින් යුත් විශාල වපරිසයකින් හෙබි පාලන ප්‍රදේශයකි. ප්‍රධාන කාර්යාලයට අමතරව කිරිඇල්ල,එල්ලාවල සහ දොඩම්පෙ ලෙසින් උප කාර්යාල තුනක් යටතේ සේවය සළසන කුරුවිට ප්‍රාදේශීය සභාවේ වර්තමාන ලේකම් ධූරය හොබවන්නේ එස්.එච්.ආර් වීරක්කොඩි මහත්මියයි. අප බල ප්‍රදේශය තුළ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක්, පුස්තකාල හතරක්, ආදාහනාගාරයක්, නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානයක් ක්‍රීඩාංගන දෙකක්, සතිපොළක්, පෙර පාසලක් පවත්වාගෙන යන අතර, මීට අමතරව පොදු වෙළඳ සංකීර්ණ හයක්, ආදාහනාගාරයක් හා කඩකාමර 110කට හිමිකම් කියයි.

 

ලේකම්තුමියගේ පණිවුඩය

Secකුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යහපාලනය තුළින් ඵලදායි හා කාර්යක්ෂම තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට හා මහජනතාවට සඵලදායි සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිමු. එලෙස කාර්යක්ෂමතාවයෙන් හා සඵලදායිත්වය තුළින් කටයුතු ඉටු කිරීමෙන් සබරගමුව පළාත් සභාව තුළ කීර්තිමත්ම ප්‍රාදේශීය සභාව බවට පත්කිරීම සහ සමස්ත දිවයිනේම බබළන දියුණුම ප්‍රාදේශීය සභාව බවට කුරුවිට ප්‍රාදේශීය සභාව ඉහළින් ඔසවා තැබීම මා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ අපේක්ෂාව හා ප්‍රමුඛ පරමාර්ථය බව අභිමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි. ජනතාවගේ සේවා සම්පාදන කාර්යයන්,පොදු පරිපාලනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, භෞතික සැලසුම්, මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සම්පාදන සේවා, පොදු උපයෝගීතා සේවා, සුභසාධන සේවා ඇතුළු පොදු සේවාවන් රැසක් සඵලදායි අයුරින් ක්‍රියාත්මක කිරීමට ඇපකැප වෙන අතර තිරසර කාර්යාල රටාවක් ක්‍රියාත්මක කිරීම තුළින් ගුණාත්මක මහජන සේවාවක් ජනගත කිරීම සඳහා තොරතුරු තාක්ෂණික සංවර්ධනයත් සමඟින් ඉදිරියට යන අප සමඟ එක් වී ඔබගේ එදිනෙදා අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කරගැනීමට සාදරයෙන් ඇරයුම් කරමි.

එස්.එච්.ආර්.වීරක්කොඩි මිය,
ලේකම්,
කුරුවිට ප්‍රාදේශීය සභාව

දැක්ම
පළාත් පාලනයේ විශිෂ්ටයා වීම.

මෙහෙවර
යහපාලනයක් තුළින් ප්‍රදේශයේ ඵලදායි හා කාර්යක්ෂම ලෙස උපයෝජනය කර තිරසර සංවර්ධනයක් ඇති කිරීම හා මහජනතාවට ඵලදායී සේවයක් සැපයීම