කුරුවිට ප්‍රාදේශීය සභාවේ සංවර්ධන අංශය

අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107(1) හා (2) (I)  යන උපවගන්තියේ දක්වා ඇති පරිදි ඔබට හෝ ඔබ නිවසට අනතුරුදායක වෙනත් ඉඩමක පිහිටා ඇති ගසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් පහත ආකාරයෙන් ක්‍රියා මාර්ග ගනු ලැබේ.
• අයදුම්පතක් මාර්ගයෙන් තොරතුරු ඉදිරිපත් කල යුතුය (අනතුරුදායක ගස් ඉවත් කර ගැනීමේ අයදුම්පත්‍රය වෙබ් අඩවියෙන් බාගත කරන්න)         
                     

පාර්ශවකරුවන්ගේ නාමලේඛනය හා භාවිත වන ලිපිනය අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ය.

අයදුම්පත ඉදිරිපත් කිරීමේදී පහත අය කිරීම් කරනු ලැබේ.
අනතුරුදායක කොස් ගසක් සඳහා – රු.1750/-
අනෙකුත් ගසක් සඳහා – රු. 500/-
• නඩු සහිත ඉඩමක් නම් නඩු අංකය හා පාර්ශවකරුවන්ගේ නාමලේඛනය අයදුම්පත සමඟ ඉදිරිපත් කල යුතුය.
• මීට අමතරව දේපල අයිතීන් පිලිබඳව සනාථ කර ගැනීමේ ලියකියවිලි අවශ්‍ය බව දැන්වුවහොත් එම ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.

අනවසර ඉදිකිරීම්
අනුමත සැලස්මක් නොමැතිව හෝ අනුමත සැලස්මට බාහිරව ඉදිකර ඇති ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් ලෙස සලකා ඉවත් කරනු ලැබේ.මෙහිදී ප්‍රාදේශීය සභා පනත, නාගරික සංවර්ධන අධිකාරී පනත හා නිවාස හා නගර සංවර්ධන ආඥා පනත මඟින් පනවා ඇති නීති හා රෙගුලාසි අනුව කටයුතු කරණු ලැ‍බේ.

ගොඩනැගිලි ඉදිකිරිම් සඳහා අනුමැතිය ලබා දීම

ගොඩනැගිලි අනුමැතියක් යනු කුමක්ද?
ප්‍රාදේශීය සභා සීමාව තුළ කරනු ලබන සියඵම ඉදිකිරීම් ‍සඳහා ප්‍රාදේශීය සභාවේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ප්‍රාදේශීය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් නිකුත් කරන නිර්ණායකයන් මත සැලසුම් සකස් කර ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා නිල වශයෙන් අවසර ලබා දීම ගොඩනැගිලි සැලසුම් අනුමැතියක් ලෙස හඳුන්වයි.

ගොඩනැගිලි අනුමැතියක් ලබා ගත යුත්තේ ඇයි?
නිවාසයක් හා ගොඩනැගිල්ලක් හෝ යම් භෞතික ඉදිකිරීමක දී නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පරේක්ෂණ ආයතනය, ප්‍රාදේශීය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මගින් නිකුත් කරන රෙගුලාසි හා නීති රීති වලට අනුකූලව ගොඩ නැගීම සඳහා අසල්වාසීන්ට හා ප්‍රදේශවාසින්ට කරදරයක් හෝ හිරිහැරයක් නොවන අයුරින් ඔබගේ ඉදිකිරීම් සිදු කිරීම සඳහා ඔබ විසින් යම් ඉදිකිරීමක් සිදු කිරීමට ප්‍රථම ප්‍රාදේශීය සභාව වෙත ගොඩනැගිලි සැලසුම් ඉදිරිපත් කොට අනුමත කරවා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුය.

ගොඩනැගිලි අනුමැතියක් සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමඟ පහත සඳහන් ලිපි ලේඛන රැ‍ගෙන ආ යුතුය‍.

ගොඩනැගිලි අයඳුම්පත් ගාස්තු රු 500.00
• ඔප්පු පිටපත
• මුල්බිම් කට්ටි සැලසුමේ ඡායා පිටපත
• පිඹුරු පතෙහි මුල් පිටපත හා සහතික කරන ලද ඡායා පිටපත් 04
• ගොඩනැගිලි සැලසුම් ප‍තේ පිටපත් 04
• ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව (NBRO)
• ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරය දළ සැලැස්ම

ගොඩනැගිලි අයදුම්පතක් අනුමැතිය සඳහා යොමු කරන්නාවු ක්‍රියා පටිපාටිය,
• ඔබ විසින් අයදුම්පත්‍රය භාර දීමේදී අදාළ පෙරසැරි ගාස්තු ගෙවීම. ( උපලේඛනය 01)
• ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරීතුමාගේ ස්ථානීය පරීක්ෂණය හා වාර්තාව
• මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ ස්ථානීය පරීක්ෂණය හා වාර්තාව
• නිවැරදිව සකස් වී ඇති අයදුම්පත් මාසික සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
• කමිටුව තුලින් අනුමත කිරීම
• අනුමැතියෙන් අනතුරුව සහතිකය ලබා දීම.

ගොඩනැගිලි අනුමැතිය ලබා නොගත් විට එම ඉදිකිරිම
• අනවසර ඉදිකිරීමක් වේ.
• දඩ මුදලක් අය කෙරේ( උපලේඛනය 02) ගොඩනැගිල්ල කඩා ඉවත් කෙරේ.

අනුකුලතා සහතිකය ලබා දිම

අනුකූලතා සහතිකය යනු කුමක්ද?
ඕනෑ ම ඉදිකිරීමක් (ගොඩනැගිල්ලක් හෝ තාප්පයක්) සඳහා අනුමැතිය ලබා ගත් පසු , එම ඉදිකිරීම අදාළ කාලය තුළ සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව සැලසුමේ ආකාරයට පදිංචියට හෝ භාවිතයට සුදුසු පරිදි ඉදි කර ඇති බවට දෙනු ලබන සහතිකයයි.

බලපත්‍රයක වලංගු කාල සීමාව වන්නේ වසරක කාලයක් පමණක් වන අතර එම කාලය තුළ දී ඉදි කිරීම් අවසන් කර අනුකූලතා සහතික ඉල්ලලුම් පත්‍රය මෙම සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය.
යම් හෙයකින් වසරක කාලයක් තුළ ඉදි කිරීම් අවසන් කිරීමට නොහැකි වුවහොත් මෙම සභාව වෙත ඉල්ලීමක් කර කාලය දීර්ඝ කර ගත යුතු ය. එසේ කාලය දීර්ඝ කළ හැක්කේ වලංගු එක් අවුරුදු කාලය හැර ඉදිරි වසර 2ක් සඳහා පමණි. (අදාළ ගාස්තු ගෙවිය යුතුය. උපලේඛනය 01)

 අනුකුලතා සහතිකය නිකුත් කිරීම සදහා ගාස්තු

සංවර්ධන කාර්යයේ ස්භාවය අයකළ යුතු ගාස්තු (බදු රහිත)
ඉඩම් අනු බෙදුම් කිරීම එක් කැබැල්ලකට රු 1000/-
ගොඩනැගිලි ඉදිකිරීම ගෙබිම් ප්‍රමාණය ව.මී නේවාසික තනි නේවාසික මහල් නේවාසික නොවන
ව.මී 400 දක්වා
 ව.මී 400 දක්වා  රු. 4000/- + ව.මී. 400 ට වැඩිවන සෑම ව.මී. 1 ට හෝ ඉන් කොටසක් සඳහා රු 15/- බැගින්  රු. 5000/- + ව.මී. 400 ට වැඩිවන සෑම ව.මී. 1 ට හෝ ඉන් කොටසක් සඳහා රු 20/- බැගින්  රු. 5000/- + ව.මී. 400 ට වැඩිවන සෑම ව.මී. 1 ට හෝ ඉන් කොටසක් සඳහා රු 25/- බැගින්
සන්නිවේදන කුළුණු, ඇන්ටනා කුළුණු/ සම්ප්‍රේෂණ කුළුණු සඳහා රු 5000/-
මායිම් තාප්ප හා රැඳවුම් බැමි දික් මීටර් 1 කට රු 25/- බැගින්
පොදු ගොඩනැගිලි සඳහා වන අනුකූලතා සහතිකය අලුත් කිරීම රු 10,000/-

 

සංවර්ධන බලපත්‍රයේ වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීම – රු.5000/-

ආවරණ අනුමැතිය ලබාදීම සඳහා වන සේවා ගාස්තු
( අනවසර සේවා ගාස්තු)

 සංවර්ධනයේ ස්භාවය  අයකල යුතු ගාස්තු
 අවශ්‍ය අනුමැතිය ලබා නොගෙන සිදුකරන ලද ඉඩම් බෙදීමක් සඳහා  ඉඩම් කැබලි 01 ක් සඳහා රු 3000/-
 අනුමැතියෙන් තොරව ගොඩනැගිලි ඉදිකිරීම්/ එකතු කිරීම් හා නැවත ඉදිකිරීම  නේවාසික (ව.මී 1කට)  නේවාසික නොවන (ව.මී 1කට)
 අත්තිකාරම් වැඩ පමණක් සම්පූර්ණ කර ඇති විට (කයිරු මට්ටම දක්වා)  රු 200/-  රු 500/-
 වහල මට්ටම දක්වා ඉදිකිරීම් ටැම් සහ බාල්ක ඇතුළුව ඉදිකර ඇති විට (වහලය හැර)  රු 300/-  රු 1000/-
 වහලය සහිත බිත්ති ඉදිකිරීම  රු 400/-  රු 1500/-
 පදිංචියට සුදුසු පරිදි ඉදිකිරීම් සම්පූර්ණ කිරීම  රු 500/-  රු 2000/-
 මායිම් තාප්ප රැදවුම් බිත්ති ඉදිකිරීම  රු 200/- දික් මීටරයක් සඳහා  රු 500/- දික් මීටරයක් සඳහා
 විදුලි සංදේශ, සම්ප්‍රේෂණ සහ ඇන්ටනා කුළුණු ඉදිකිරීම  බිම්පාදම ඉදිකිරීම රු 150.000.00
වහල මුදුන ඉදිකිරීම රු 100.00.00
 අනුකුලතා සහතිකය ලබා නොගෙන පදිංචි වීම  දිනකට රු. 100/-

 

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යනු,

මිනිසාගේ දෛනික අවශ්‍යතා සඳහා සංවර්ධනය ඉතා අවශ්‍ය අංගයක් වන අතර, කර්මාන්ත සංවර්ධනය මෙහි දී ප්‍රමුඛතාවයක් ගනී. කර්මාන්තයක් සිදුකරගෙන යාමේ දී එම ක්‍රියාවලිය මඟින් යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් වාතයට,ජලයට හා පසට මුදා හැරීමක් සිදුවේ.එබැවින් මෙම කාර්මාන්ත කටයුතුවලින් මුදා හරින දූෂණකාරක යම් ප්‍රමිතියකට අනුකූලව මුදා හැරීම සඳහා යම් පාලනයකට ලක් කිරීම ඉතා වැදගත් වේ.

ජාතික පාරිසරික පනතේ 26 වන වගන්තිය යටතේ, පළාත් පාලන ආයතනවලට පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසී ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරිය මඟින් බලතල පැවරීමෙනි.

පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත ප්‍රාදේශිය සභාවෙන් හෝ වෙබ් අඩවියෙන් භාගත කළ හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

• කර්මාන්ත පිහිටි ස්ථානයට ළඟාවීමට ඇති මාර්ග සටහන
• ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය
• ව්‍යාපාර බලපත්‍රය හා අනුමත ගොඩනැගිලි සැලැස්මේ පිටපත.
• ව්‍යාපාරය පිහිටි ඉඩමේ මිනින්දෝරු සැලැස්ම (පිඹුර) හා ඔප්පුවේ හෝ බලපත්‍රයේ පිටපත්
• අපද්‍රව්‍ය පිරිපහදු පද්ධතිය/වායු දූෂණය /ශබ්දය දූෂණය වැලැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබද සැලැස්ම.
• ආයතනයේ සේවකයන් සඳහා ලබා දී ඇති ආරක්ෂිත උපකරණ
• අවට පදිංචිකරුවන්ගේ ලිඛිත එකඟතාව

සියලු ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු ය. කර්මාන්තයට ආයෝජනය කරන මුදල අනුව පරීක්ෂණ ගාස්තු වෙනස් වේ.

 මුලික ආයෝජනය  ගාස්තු
 රු. 25,000 හෝ ඊට අඩු  රු. 3000.00
 රු. 25,001 – 500,000  රු. 3750.00
 රු.500,001 – 1,000,000  රු. 5000.00
 රු.1,000.000 ට වැඩි   රු. 10,000.00

 

 පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ කාර්මික නිලධාරී හා පරිසර නිලධාරී අදාල කර්මාන්තය පිහිටි ස්ථානය පරීක්ෂා කිරීම සිදු කරයි.ඉන් පසු තාක්ෂණික ප්‍රගති සමාලෝචන කමිටුවට ඉදිරිපත් කර නිරිදේශ ලබා ගැනීම සිදු කරයි. අනුමත වූ අයදුම්පත සඳහා රුපියල් 4500.00 බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් පසු බලපත්‍රය ලබාගත හැක.

පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම
• ලබාගත් බලපත්‍රය අවලංගුවීමට මාස 03 කට පෙර ඉල්ලුම් කළ යුතු ය.
• අයදුම්පත් ප්‍රාදේශිය සභාව මගින් ලබාගත යුතු ය.
• කමිටු නිර්දේශයෙන් පසු අයදුම් පත්‍ර ගාස්තු රු. 4500/ ගෙවා බලපත්‍රය ලබාගත හැකි ය.

 පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම සිදු කරන්නා වූ ව්‍යාපාර

ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ පවතින්නා වු පහත සඳහන් කාණ්ඩයන්ට අයත් කර්මාන්ත ශාලා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරන්නා වු කොන්දේසි මත ප්‍රාදේශිය සභාවෙන් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු ය.

1. සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදෙන ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත.
2. සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුතුව සිටින බතික් කර්මාන්ත.
3. සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සෙවයේ නියුතුව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන (ලොන්ඩ්‍රි)
4. රෙදි වියන යන්ත්‍ර මැෂින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්‍රොයිඩර් කිරීමේ කර්මාන්ත.
5. දිනකට ලීටර් 200කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල්තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
6. පොල් තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10 අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
7. දිනකට ලීටර් 100කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදන කිරීමේ හෝ බෝතල්ගත කිරීමේ කර්මාන්ත.
8.දිනකට කිලෝග්‍රෑම් 500 හෝ ඊටවැඩි නිෂ්පාදන ධාරිතාව සහිත වියළි සැකසුම් ක්‍රියාවලිය සහිත වී මෝල්
9. මාසික කි.ග්‍රෑ.1000 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්
10. සේවක සංඛාව 10 හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියලීමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
11. එක් තොගයකට කි.ග්‍රෑ 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්පර් දුම් ගැසීම් සහිත කුරුදු දුම් ගැසීමේ කර්මාන්ත.
12. සේවක සංඛාව 5ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත.
13. සේවක සංඛාව 5ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරීමේ /මුහුවම් කිරීමේ කර්මාන්ත.
14. සේවක සංඛාව 5 හෝ ඊට වැඩි සහ 10 අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදනය කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත.
15. දිනකට පිටි කිලෝ ග්රෑම් 250 අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරි සහ රස කැවිලි නිෂ්පාදන කර්මාන්ත.
16. ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂීන් 100හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපලවල්.
17. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්.
18. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු සංඛාවක් සිටින එළු ගොවිපලවල්.
19. වැඩුණු සතුන් මුළු එකතුව 100ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්.
20. ගබඩා ධාරිතාව ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන.
21. කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත.
22. යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලෝක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
23. දිනකට නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20 ට අඩු ප්‍රමාණයක් සහිත හුණු පෝරණු.
24. සේවක සංඛ්‍යාව 5 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින “ප්ලාස්ටර් ඔෆ් පැරිස් “අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නා ඕනෑම කර්මාන්තයක්.
25. බෙලිකටු කැබිලි කිරීමේ/ පතුරු කිරීමේ කර්මාන්ත.
26. උළු සහ ගඩොල් කර්මාන්ත.
27. වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිත වීදුරු භාණ්ඩ නිශ්පාදනය කිරීමේ කර්මාන්ත.
28. කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත.
29. පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැඟින් පුපුරවින් සිදු කරණු ලබන ශිල්පීය කැණීම් කටයුතු.
30. දිනකට ඝන මීටර් 25 ට අඩු ඉතුරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්‍රිත කර්මාන්ත.
31. දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත.
32. බහුකාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන කර්මාන්ත .
33.සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා.
34. පදිංචි සංඛ්‍යාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්.
35. විසිරි පින්තාරු කිරීම හෝ සිදුකරන ගරාජ හැර අනිකුත් වාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකරන ගරාජ
36. වාහන සේවා සිදු නොකරන බහාලුම් (කන්ටේනර්) පර්යන්ත.
37. ඊයම් උණු කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර
38. මෘත ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා.

 මිනින්දෝරු සැලසුම් අනුමත කිරීම

මිනින්දෝරු සැලසුම් අනුමැතියක් යනු කුමක්ද?

නිවාසයක්, ගොඩනැගිල්ලක් හෝ යම් භෞතික ඉදිකිරීමට පෙර එම භුමිය ඉදිකිරීමට සුදුසු දැයි පරීක්ෂා කර ඒ බව සනාථ කිරීම වේ. නාගරික සංවර්ධන අධිකාරිය,ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ප්‍රාදේශීය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මඟින් නිකුත් කරන්නා වු නිර්ණායකයන් මත පදනම්ව බිම් කට්ටියක් සඳහා අවසර දෙනු ලැබේ.

නිර්ණායක

මිනින්දෝරු සැලසුම් සඳහා අනුමැතිය ලබා ගත යුත්තේ ඇයි?

පළාත් පාලන ආයතනය හා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පනවා ඇති නීති රීති රෙගුලාසි වලට අවනතව, බිම් කට්ටිය සකසා ඇති බවට පිළිගැනීම සඳහා වේ.
අදාළ භූමිය වර්ග මීටර් 150 ට නොඅඩු විය යුතුය. මුහුණත පළළ අඩි 20 ට නොඅඩු විය යුතුයි.
සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග පහත සදහන් ලිපි ලේඛන රැ‍ගෙන ආ යුතුය‍.

අයදුම්පත් ගාස්තු රු.500.00කි.

• මිනින්දෝරු සැලැස්මේ මුල් පිටපත
• මිනින්දෝරු සැලැස්මේ සහතික කරන ලද ඡායා පිටපත් 5
• ඔප්පුවේ ඡායා පිටපත
• මුල් පිඹුරු සැලැස්ම
• ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව (NBRO)
• ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරය දළ සටහන

මිනින්දෝරු සැලසුම් අනුමැතිය ලබා නොගත් විට,
නීත්‍යානුකුල නොවන බිම් කට්ටියක් ලෙස නම් කර සවර්ධන කටයුතු සඳහා අනුමැතිය ලබා නොදීම හා දඩ මුදලක් අය කිරීම සිදු වේ.

මිනින්දෝරු සැලසුම් අයදුම්පතක් අනුමැතිය සඳහා යොමු කරන්නාවු ක්‍රියා පටිපාටිය,

ඔබ විසින් අයදුම්පත්‍රය භාර දීමේදී අදාළ පෙරසැරි ගාස්තු ගෙවිය යුතුය. ( උපලේඛනය 01)
• ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරීතුමාගේ ස්ථානීය පරීක්ෂණය හා වාර්තාව
• නිවැරදිව සකස් වී ඇති අයදුම්පත් මාසික සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
• කමිටුව තුලින් අනුමත කිරීම.

අනු බෙදුම් සහතිකය ලබා ගැනීම

අනු බෙදුම් සහතිනයක් යනු කුමක්ද?

යම් කිසි විශාල ඉඩමක් සංවර්ධනය කිරීම, බෙදීමට ලක් කොට විකිණීමේහෝ යම් කිසි ඉදිකිරීමක් සිදු කිරිමට ප්‍රථම එය නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ප්‍රාදේශීය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මගින් නිකුත් කරන්නා වු නිර්ණායකයන් මත අනුබෙදුම් වී ඇති බව පිළිගනු ලබන සහතිකය වේ.

අනු බෙදුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි?

නාගරික සංවර්ධන අධිකාරිය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,නගර සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතනය මගින් නිකුත් කරන රෙගුලාසි යටතේ බිම් කට්ටිය ‍බෙදීම් කර ඇති බව සනාථ කිරීම සඳහා.

අනු බෙදුම් සහතිකය ලබා නොගත් විට,
• ‍කිසිදු ඉදීකිරීමකට අනුමැතිය ලබා නොදේ.
• නිත්‍යානුකූල ඉඩමක් ලෙස පිළි නොගැ‍නේ.
• දඩ මුදලකට යටත් වීමට සිදු වේ.

බිම් කට්ටි අනුබෙදුම් අයදුම්පතක් අනුමැතිය සඳහා යොමු කරන්නා වු ක්‍රියාපටිපාටිය

ඔබ විසින් අදාළ ඉඩම අනුබෙදුම් කිරීමට අදහස් කරන බව ලිඛිතව ප්‍රාදේශීය සභාව වෙත දන්වා ප්‍රාදේශීය සභාව වෙතින් ඉඩම කට්ටි කිරීම සදහා මූලික සැලසුම් නිරාකරණයක් ලබා ගත යුතුය.

• අයදුම්පත්‍රය භාර දීමේදී අදාළ පෙරසැරි ගාස්තු ගෙවීම. ( උපලේඛනය 01)
• ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරීතුමාගේ ස්ථානීය පරීක්ෂණය හා වාර්තාව
• මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ ස්ථානීය පරීක්ෂණය හා වාර්තාව
• නිවැරදිව සකස් වී ඇති අයඳුම්පත් මාසික සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
• කමිටුව තුලින් අනුමත කිරීම

අනුමැතියෙන් අනතුරුව සහතිකය ලබා දීම.

ඉඩම් ප්‍රමාණය( වර්ග මීටර්) පෙරසැරි ගාස්තුව
වර්ග මීටර් 150-300 කැබලි 01 ක් සඳහා රු.1000.00
ව.මී 301-600 කැබලි 01 ක් සඳහා රු.800.00
ව.මී. 601-900 කැබලි 01 ක් සඳහා රු.600.00
ව.මී. 900 ට වැඩි කැබලි 01 ක් සඳහා රු.500.00

 

වීථි රේඛා සහතිකය

වීථි රේඛා සහතිකයක් යනු,

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් කිසියම් මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබා ගැනීමේ දී,

• එම ඉඩමේ අයිතිකරු කවුරුන්ද යන්නත් ,
• එම ඉඩමේ වීථි රේඛා සීමාව බල නොපැවැත්වෙන බවත්,
• එම ඉඩමේ ගොඩනැගිලි සීමාව පාර මධ්‍ය ලක්ෂයේ සිට කෙතරම් දුරකට(අඩි) බල පැවැත්වෙනවාද යන්නත්,
• එම ඉඩම බදු නොගෙවීම හෝ වෙනත් පොදු අවශ්‍යතාවයක් මත ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමට කටයුතු කර නොමැති බවත්,

තහවුරු කරමින් අදාල මූල්‍ය ආයතනය වෙත ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරනු ලබන සහතිකයක් වේ . වීථි ‍රේඛා කඩ කොට ඉදිකර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවට බලය පවතී.

වලංගු කාලය නිකුත් කල දින සිට මාස 06 ක් දක්වා පමණි.

වීථි රේඛා සහතික නිකුත් කිරීම

• වීථි රේඛා සහතිකයක් ලබා ගැනීමේදී පළමුව ඉල්ලුම් පත්‍රයේ ආකෘතිය භාගත ‍කොට නිවැරදිව හා සම්පූර්ණයෙන් පුරවා අදාළ දේපළ සම්බන්ධ ඔප්පුවේ හා මිනින්දෝරු සැලැස්මේ ඡායා පිටපත් සමඟ කාර්යාලයට ඉදිරිපත් කල යුතුය.

• ඉන් පසු අදාල දේපළ සම්බන්ධයෙන් වරිපනම් බදු /අක්කර බදු /වෙළඳ බලපත්‍ර වලට අදාල හිඟ මුදල් ගෙවීමක් පවතීද යන්න සොයා බලා වීථි රේඛා සහතිකය නිකුත් කිරීමට පෙර එම මුදල් අය කර ගැනීම හෝ එම ඉඩම පවරා ගැනීම සම්බන්ධයෙන් ආදායම් පරීක්ෂක වාර්ථාව ලබා ගත යුතුය.

• අදාල ඔප්පුවේ හා සැලැස්මේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් තාක්ෂණික නිලධාරී මගින් තහවුරු කර තාක්ෂණික නිලධාරී වාර්ථාව ලබා ගත යුතුය.

• රු.1000.00 ක ගාස්තුවක් අයකර වීථි රේඛා හා ‍නොපරවා ගැනීමේ සහතිකය නිවැරදිව සම්පූර්ණ කර සභාපතිතුමාගේ, ලේකම්ගේ හෝ බලයලත් නිලධාරියකුගේ අත්සන නිල මුද්‍රාව සහිතව නිකුත් කිරීමට කටයුතු කල යුතුය.