ආදාහනාගාරය වෙන් කිරීම

ආදාහනය සිදු කිරීමට අවශ්‍ය දිනය හා වෙලාව වෙන් කර ගැනීම

– ප.ව 2.00
– ප.ව 4.00
– ප.ව 6.00

  • විශේෂ අවසරයක් මත වෙලාව වෙනස් කර ගත හැක.
  • කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් බාගතකර අයදුම් පත්‍රය ලබා ගැනීම
  • අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණකර මරණ ලියාපදිංචි කිරීමේ සහතිකය සමඟ ඉදිරිපත් කිරීම
  • මරණ සහතිකයේ අදාහනය කළ ස්ථානය පුස්සැල්ල ආදාහනාගාරය ලෙස සඳහන් විය යුතු ය.
  • බල ප්‍රදේශය තුළ ආදාහනයක් නම් රු. 10,000.00ක මුදලක් ද බල ප්‍රදේශයෙන් පිටත නම් රු.11,500.00ක මුදලක් ද අය කරනු ලැබේ.
  • මරණය ආදාහනය කිරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවුලේ ඥාතියකු විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු ය.
  • සභාපතිතුමා හෝ බලයලත් නිළධාරියකු විසින් ලබා දෙන මුදල් ගෙවූ ලදුපත ආදාහනාගාර භාරකරු වෙත ලබා දීම
  • ආදාහනයෙන් දින 14ක් තුළ භෂ්මාවශේෂ ඉවත් කර ගත යුතු ය.භෂ්මාවශේෂ තැන්පත්කිරීමට අවශ්‍ය නම් රු.3000.00ක් ගෙවා කුටියක් වෙන් කරවා ගත හැක.