ක්‍රීඩා පිටිය වෙන් කිරීම

කුරුවිට මහජන ක්‍රීඩාංගනය වෙන් කිරිමේදි පහත සඳහන් උපලේඛනයේ පරිදි ඉල්ලීම් ලිපියක් ලැබුනු පසු සභාපතිතුමාගේ අනුමැතිය සහිතව ගාස්තු සහ ඇප තැන්පතු අය කර ක්‍රීඩා පිටිය වෙන් කර දිම සිදු කෙරේ. ඉන් පසුව ක්‍රීඩා පිටියට හානියක් සිදු වී නොමැති නම් ඇප තැන්පතුව නිදහස් කරනු ලැබේ.

බල ප්‍රදේශය තුල පාසල්, සියළුම පෙර පාසල් රු. 1500.00
බල ප්‍රදේශයෙන් පිටත පාසල්/ සියළුම පෙර පාසල් රු. 2000.00
රාජ්‍ය ආයතන සඳහා රු. 2000.00
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ සඳහා සහනදායී මුදල රු.2000.00
කුරුවිට චාන්ස් ක්‍රීඩා සමාජය ( මුදල් අය කිරීම් සිදු කරන තරඟ සඳහා සහනදායි මුදල) රු. 2000.00
කුරුවිට චාන්ස් ක්‍රීඩා සමාජය මුදල් පදනමකින් තොරව සිදු කරනු ලබන ක්‍රීඩා පුහුණු තරඟ සඳහා ගාස්තු නිදහස්
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් අතර පවත්වනු ලබන ක්‍රීඩා තරඟ හා උත්සව ගාස්තු නිදහස්
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වැඩිහිටි බල මණ්ඩල සහ ආබාධිතයන්ගේ සංගමය සඳහා ගාස්තු නිදහස්
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසරකට එක් වතාවක් පවත්වන අන්තර් යෞවන ක්‍රීඩා සමාජ සඳහා ගාස්තු නිදහස්

කුරුවිට ප්‍රාදේශීය සභාව විසින් පවත්වනු ලබන තරඟ සහ උත්සව සඳහා

ගාස්තු නිදහස්
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොමැති ක්‍රීඩා සමාජ හා අනෙකුත් සංවිධාන සහ පෞද්ගලික ආයතන සඳහා රු. 7500.00
පාසල් ක්‍රීඩා තරඟ සහ උත්සව සඳහා ඇප මුදල් වශයෙන් රු. 5000.00
ඇප මුදල් වශයෙන්(ක්‍රීඩා පිටිය පළුදු කිරිම් සිදු නොකර නිසි පරිදි ක්‍රීඩා පිටියේ කැලි කසල ඉවත් කර ඇත්නම් මෙම රැඳවුම් මුදල නිදහස් කරනු ලැබේ.) රු. 10,000.00

 

කුරුවිට මහජන ක්‍රීඩා පිටිය වෙන් කිරීමේදි පහත කොන්දේසි අදාල වේ.

1.කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා සියලුම සෞඛ්‍ය නීති රීතීන් ට යටත්ව අවශ්‍ය අනුමැතීන් ගෙන කටයුතු කල යුතුය.

2. ක්‍රීඩා පිටිය භාවිතා කරන ආයතනය ක්‍රීඩා පිටියේ පවිත්‍රතාවය රැකෙන පරිදි කටයුතු කල යුතු අතර, ක්‍රීඩාංගනය තුල හෝ අවට කිසිදු අපද්‍රව්‍යයක් නොදැමිය යුතුය. (කාර්යය අවසන් වූ පසු මේ සම්බන්ධයෙන් ඔබගේ සංවිධායක මණ්ඩලය අවධානය යොමු කල යුතු අතර සියලු දිරන / නොදිරන අපද්‍රව්‍ය ක්‍රිඩා පිටියෙන් ඉවත් කර නැවත රැගෙන යා යුතුය.)

3. ක්‍රිඩා පිටියේ ආරක්ෂාව උදෙසා කිසිදු හේතුවක් මත ක්‍රීඩා පිටිය තුලට වාහන ඇතුල් නොකල යුතුය.

4. ක්‍රිඩා පිටියේ භූමියේ කිසිදු ආකාරයකින් වලවල් හෑරීම නොකල යුතුය.

5. ඔබ විසින් ක්‍රීඩා පිටිය වෙන් කළ ඉසව්ව සඳහා පමණක් ක්‍රීඩා පිටිය භාවිත කිරීමට කටයුතු කළ යුතුය.

කුරුවිට මහජන ක්‍රීඩා පිටියේ ආරක්ෂාවට ගැටලුවක් වන බැවින් සංගීත සංදර්ශන හා කානිවල් සදහා ක්‍රීඩා පිටිය ලබා නොදේ.