කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය

සාපේක්ෂ පිහිටීම පිලිබද තොරතුරු

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි කුරුවිට ප්‍රාදේශීය සභාව, උතුරු දෙසින් ඇහැලියගොඩ, දෙහිඕවිට හා දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ටත්, දකුණු දෙසින් රත්නපුර හා කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ටත්, නැගෙනහිර දෙසින් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, බටහිර දෙසින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මායිම්ව පිහිටා ඇත.

ප්‍රාදේශීය සභාවක් ලෙස ගත් කල කුරුවිට හා කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකම අයත් වේ.
මෙම ප්‍රාදේශයේ බටහිරට විහිදී යන පහත් බිම් අඩි 500 සමෝච්ච රේඛාව තුළ ඇති අතර, කුරුවිට නගරයේ සිට සමනල කඳුවැටිය දක්වා විහිදෙන කඳු මුදුන් අඩි 1000 – 5000 දක්වා උසකින් ද යුක්ත වේ. මෙම ප්‍රාදේශයට වාර්ෂිකව 2500mm පමණ වර්ෂාපතනයක් ලැබේ.

කුරුවිට නගරය මැදින් ගලා යන කුරු ගඟත්, බල ප්‍රදේශයට මායිම්ව නිරිත දෙසින් ගලා බසින කළු ගඟත් යන ප්‍රධාන ගංඟා දෙකේ බලපෑම හේතුවෙන් නිරන්තරයෙන් ජල ගැලීම්වලට ගොදුරු වූවත්, සියලු සම්පත්වලින් ආඪ්‍ය වූ බෝපත් ඇල්ල ඇතුළු දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනූ ස්ථාන රැසකින් සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන රැසකින් හෙබි බල ප්‍රදේශයකි.

 

කුරුවිට ප්‍රාදේශීය සභාවේ ග්‍රාමනිළධාරී වසම් හා මාර්ග පද්ධතිය පිලිබද සිතියම

Picture1