කුරුවිට ප්‍රාදේශීය සභාවේ පෙර පාසල් පිලිබඳ තොරතුරු
 
1977 වර්ෂයේ දරුවන් 50 දෙනෙකුගෙන් කුරුවිට ප්‍රාදේශීය සභා පෙර පාසල ආරම්භ කරන ලදී. 2021 වර්ෂය වන විට දරුවන් 3700 පමණ මෙම පෙර පාසලෙන් අධ්‍යාපනය ලබා ඇත. කුරුවිට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සහ ලේකම්තුමියගේ උපදෙස් පරිදි මෙම පෙර පාසල පවත්වාගෙන යයි. සෑම වසරකම දරුවන් 80ක් පමණ පෙර පාසලට ඉල්ලුම්පත් ලබා දෙයි. පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ නිර්ණායකවලට අනුව පෙර පාසලට ඇතුළත් කර ගැනීමට හැක්කේ දරුවන් 65 ක් බව තහවුරු කර ඇත. මූල්‍ය ප්‍රතිපාදන කුරුවිට ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙන බැවින් පෙර පාසලට දරුවන් ඇතුළත් කර ගැනීම නොමිලයේ සිදු කරයි.
 
කුරුවිට ප්‍රාදේශීය සභා පෙර පාසල ලබාගත් ජයග්‍රහණ
  • පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන කළමනාකරණ තරගය – පළාත් පාලන දෙපාර්තමේන්තුව සබරගමු පළාත් සභාවේ සියලු පෙර පාසල් අතරින් 2014 වර්ෂය – තෙවන ස්ථානය
  • 2017වර්ෂයේ හා 2018 වර්ෂයේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.
 
පෙර පාසල් පාලිකා තොරතුරු
පෙර පාසලේ මුල්ම ගුරුතුමිය -එම්.ඒ විමලාවතී මහත්මිය (විශ්‍රාමික ගුරු)
පෙර පාසල් වර්තමාන ප්‍රධාන ගුරුතුමිය – ජී.එස් නදීකා සමරතුංග මිය (සබරගමුව විශ්වවිද්‍යාලය පෙර පාසල් ඩිප්ලෝමාධාරී)
 
සහය ගුරුවරුන් ගණන 1කි.
 • ජී.කේ දීපිකා කෝණාර මිය (පෙර පාසල් ඩිප්ලෝමා)
 
පෙර පාසල් ඉගෙනුම් ක්ෂේත්‍රය
පෙරපාසල පෙරවරු 8.00 සිට පස්වරු 12.00 දක්වා පැවැත්වේ. සියලු ඉගැන්වීම් රජයේ විෂය නිර්දේශයට අනුව සිදු කරනු ලැබේ.
වාර්ෂික වැඩ සැලැස්මට අනුව පෙර පාසල් අධ්‍යයන කටයුතු සිදු කරයි.
 
බාහිර ඉගෙනුම් ක්ෂේත්‍රය
දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනයක වෘත්තීය අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අධිකාරිය මගින් පවත්වනු ලබන ශ්‍රේණිගත විභාගය සඳහා දෙමාපියන්ගේ ඉල්ලීම අනුව දරුවන් යොමු කරයි. දරුවන්ගේ දෙමළ භාෂා භාවිතය ද වාචිකව සිදු කරන අතර ත්‍රී භාෂා පුහුණුව ලබා දේ.