කිරිඇල්ල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
 
1965 වර්ෂයේ කිරිඇල්ල ගම්සභා කාලයේ මෙම ආයුර්වේද බෙහෙත් ශාලාව ආරම්භ කර ඇත. එවක පටන් මේ දක්වා මෙම ස්ථානයේ ස්ථාපනය වී පවතී. පළාත් පාලන ආයතන ප්‍රතිපාදන හා පළාත් සභා ප්‍රතිපාදන වලින් වාර්ෂිකව අවශ්‍ය ඖෂධ ලබාගනු ලැබේ. වාර්ෂික රෝගීන්ගේ පැමිණීමේ වැඩිවීමක් සිදු වී ඇත. ආයුර්වේද වෛද්‍ය නිලධාරී හා ඖෂධ සංයෝජකගෙන් මෙහි කාර්ය මණ්ඩලය සමන්විතය.
පිහිටි ස්ථානය
පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඉඩංගොඩ නගරයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබදව පිහිටා ඇත.
 
ප්‍රතිකාර කරන වේලාවන්
පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ. (සෙනසුරාදා‚ඉරිදා‚පෝය දින සහ රජයේ නිවාඩු දිනවල වසා ඇත.)
 
රෝගීන්ගේ පැමිණීම
දෛනිකව රෝගීන්ගේ පැමිණීම සාමාන්‍යෙයන් 35 පමණ වේ.
 
සිදු කෙරෙන සේවාවන්
ආයතනයට පැමිණෙන රෝගීන් පරීක්ෂා කිරීම හා ප්‍රතිකාර ලබාදීම. ප්‍රාදේශීය සභාව මගින් සිදුකරන ජංගම වැඩසටහන් සඳහා සහභාගි වීම.