කුරුවිට ප්‍රාදේශීය සභාව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම


ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.

මෙම අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මුලික අවශ්‍යතා 3ක් පිළිබඳව සැලකිලිමත් වේ.

1.තොරතුරු සඳහා ඇති ප්‍රවේශය:
ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලභ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයන් බාධාවකින් තොරව සමාජය තුල ක්‍රියාත්මකවන බව මින් අදහස් වේ.විශේෂයෙන්ම ජන මාධ්‍ය වාරණයකින් හෝ බාධාවකින් තොරව හා නිදහස්ව හා බලපෑමෙන් තොරව හැසිරීම මෙහිදී වඩාත්ම වැදගත් වේ.

2.තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවලට ඇති වගකීම
ජනතාවට වැදගත් වන සියළු තොරතුරු ජනතාවට ලබා ගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවට ලබා දීමට රාජ්‍ය ආයතන වලට වගකීමක් තිබිය යුතුය. ජනතාවට බහුලව ලබා ගත හැකි මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවට තේරුම් යන ලෙස සරල ලෙස එම තොරතුරු ලබා දීම රජයේ වගකීමකි.

3.තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම
යම් යම් පුද්ගලයන්ට අදාල වන තොරතුරු ඉල්ලා සිටිවිට එම තොරතුරු ලබා දීමට ඇති බැඳීම මෙයින් අදහස් වේ.ජනතාවට අදාල වන පෞද්ගලික තොරතුරු හා ජනතාවගේ බදු මුදල් වලින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනතාවට ලබාදීමේ වගකීමක් රාජ්‍ය නිළධාරීන්ට ඇත. මෙම තොරතුරු ප්‍රමාදයකින් තොරව හා නිවැරදිව දැනගැනීම ජනතාවගේ අයිතියකි.

තොරතුරු ලබා ගැනීම සදහා කල යුතු දේ :
01. (RTI 01) තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රයෙහි ඔබට අවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ලිපියක් ‍හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ හැක.

(RTI 01) තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය මෙතැනින් බාගත කරගන්න.
තොරතුරු නිලධාරි,
එස්.එච්.ආර්.වීරක්කොඩි මිය.
ප්‍රාදේශීය සභාව,
කුරුවිට.
දුරකථන අංකය : 0452262276
ෆැක්ස් : 0452262276
ඊමේල් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

02. තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රයට අනුව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් (RTI 10 ) අභියාචනා අයදුම්පත්‍රය මගින් නම් කළ නිලධාරීයා වෙත අභියාචනාවක් ඉදිරිපත් කල හැකිය

(RTI 10 ) අභියාචනා අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරගන්න.

නම් කළ නිලධාරියා
ජේ.කේ.ආර් මල්කාන්ති මිය
ප්‍රාදේශීය සභාව,
කුරුවිට.

දුරකථන අංකය : 0452262276
ෆැක්ස් : 0452262276
ඊමේල් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මෙතැනින් භාගත කරන්න

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පිළිබද වු ගැසට් පත්‍රය මෙතැනින් භාගත කරන්න