කුරුවිට ප්‍රාදේශිය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

කසල එකතු කිරීම

දෛනිකව එකතුවන කසළ එක්රැස් කිරීම කුරුවිට බල ප්‍රදේශය ආවරණය වන පරිදි ට්‍රැක්ටර් 05ක් යොදා ගනිමින් සිදුකරනු ලැබේ.මෙම කසල එකතු කිරීම 2022-04-01 වන දින සිට වඩා ක්‍රමවත්ව කාලසටහනක් යටතේ දිරන හා නොදිරන කසල ලෙස වර්ගීකරණය කර ලබා ගැනීම ජනතාව දැනුවත් කරමින් සිදු කරනු ලැබේ.

පරිපාලන කාර්ය මණ්ඩලය

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සියලු උපදෙස් හා මඟ පෙන්වීම කාර්මික නිලධාරී මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් සිදු කරන අතර, සියලු අධීක්ෂණ කටයුතු ගරු සභාපතිතුමා සහ ලේකම්තුමිය විසින් සිදු කරනු ලැබේ.

දිනයක් තුළදී කුරුවිට නගරයේ වරිපනම් සීමාවේ සහ වරිපනම් සීමාවෙන් පිට එකතුවන ඝන අපද්‍රව්‍ය දළ වශයෙන් ,

දිනකට එකතුවන කසල ප්‍රමාණය ටොන් 07
දිනකට එකතුකරන දිරන කසල ප්‍රමාණය ටොන් 04
දිනකට එකතුවන නොදිරන කසල ප්‍රමාණය ටොන් 03
කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරන නොදිරන බදුන් එකතු කිරීමේ වැඩසටහන මඟින් දෛනිකව එකතුවන කසල ප්‍රමාණය ටොන් 03
කසල එකතු කිරීම සඳහා යෙදාගන්නා ට්‍රැක්ටර් ප්‍රමාණය 05
නොදිරන බදුන් එකතු කිරීම සඳහා යොදාගන්නා වාහන කෘ කැබ් රථ 01

 

මෙලෙස එක් රැස් කරන දිරන කසල කුරුවිට බන්ධනාගාර කොම්පෝස්ට් අංගනය වෙතත්, නොදිරන කසල (පොල්තීන් ප්ලාස්ටික් , බෝතල්) ප්‍රාදේශිය සභාවේ ඇති නොදිරන කසළ එක්රැස් කිරීමේ ගොඩනැගිල්ල වෙත රැගෙන එනු ලබයි.එසේ රැගෙන එන කසල කම්කරුවන් යොදවා තෝරා වෙන් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රැගෙන යනු ලබයි. ඉන් පසුව ඉතිරිවන අවසන් බැහැර කිරීම පොහොරබාව කසල අංගනය වෙත රැගෙන ගොස් වලවල් කපා යටකරනු ලබයි.

වරිපනම් සීමාවෙන් බැහැර ප්‍රජාව සඳහා මාසික ගාස්තුවක් සභාව වෙත ගෙවා කසල බැහැර කිරීමට අවස්ථාව සලසා ඇත. ඒ සඳහා  කසළ බැහැර කිරීමට අදාලව ඇති අතුරු ව්‍යවස්ථාවට අනුව ගාස්තුවක් පනවනු ලැබේ. එම ගාස්තුව ගෙවීමෙන් අනතුරුව අපගේ සේවාව ලබා ගැනීමට අවස්ථාව සළසා දී ඇත.

කසල එකතු කිරීමේ කාල සටහන

දවස ස්ථානය රියදුරු දුරකථන අංකය
සදුදා , බදාදා පැරඩයිස් හන්දියේ සිට කුරුවිට නගරය දක්වා උදිත ගයාන් -රියදුරු 0715420710
බ්‍රහස්පතින්දා සෙනසුරාදා පැරඩයිස් අතුරු මාර්ග උදිත ගයාන් -රියදුරු 0715420710
දිනපතාම කුරුවිට නගරය අජිත් වෙත්තසිංහ- රියදුරු
පුෂ්පකුමාර- රිය සහායක
නිහාල්ජයසිංහ-රිය සහායක
0774368547
0715588265
බදාදා , සෙනසුරාදා පුස්සැල්ල සෙඩ් එකෙන් එපිට පරකඩුව හන්දිය දක්වා සීමාව - දිනයක් හැර දිනයක් සියලුම අතුරු මාර්ග අජිත් වෙත්තසිංහ- රියදුරු
පුෂපකුමාර-රිය සහායක
නිහාල්ජයසිංහ-රිය සහායක
0774368547
0715588265
දිනපතාම – කාර්යාල පරිශ්‍රය අවට හා පුස්සැල්ල ෂෙඩ් එක දක්වා ගමන් මාර්ගයේ සියලුම වරිපනම් සීමාව ඇතුළත අතුරු මාර්ග
– කුරුවිට පොලීසිය අසල සිට පුස්සැල්ල ෂෙඩ් එක දක්වා පාර දෙපැත්ත )
– මුදල් ගෙවා කසල අදින ස්ථාන
ඒ.ඒ.ක්‍රිස්ටෝපර් -රියදුරු 0760974847
  නොදිරන කසල එකතු කිරීම
කුරුවිට බල ප්‍රදේශය තුල මාස අවසාන සෙනසුරාදා සිදු කරයි.
 කසළ එකතු කරන සියලු කම්කරුවන් නියමිත මාර්ගවල මාස අවසාන සෙනසුරාදා දින නොදිරන කසල ද අදිනු ලැබේ.