ජල බවුසරය නිකුත් කිරීම

කුරුවිට ප්‍රාදේශීය සභා ජල බවුසරය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම ලිපියක් මගින් සිදු කල යුතු අතර සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පහත ආකාරයට ගෙවීම් කල යුතුය.

 ජල බවුසරය සඳහා අය කිරීම  රු. 2,000.00
 කම්කරු කුලී (කම්කරුවන් දෙදෙනෙකු සදහා)  රු. 600.00
  ප්‍රවාහනය සදහා කිලෝමීටරයකට  රු. 33.00 
 බවුසරය රඳවා ගැනීම සදහා  රු. 1,000.00

 

දැන්වීම් පුවරු සවි කිරීම

  • ඔබ විසින් ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීමේ ආකෘතියක් ද සභාව වෙත ලබා දීම අනිවාර්ය වේ.
  • මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතු ස්ථාන සඳහා එම අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුය.
  • ඔබ විසින් අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ සඳහන් කරනු ලබන දැන්වීම් වෙනස් කරනු ලබන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ අනුමැතිය සඳහා නැවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාගත යුතුය.
  • එසේ අනුමැතියෙන් තොරව දැන්වීම් වෙනස් කරනු ලැබුවහොත් අදාල දැන්වීම් පුවරු ගලවා ඉවත් කිරීමේ පූර්ණ බලය ප්‍රාදේශීය සභාව සතු වේ.
  • දැන්වීම් පුවරු ප්‍රදර්ශන ගාස්තු ආදාල දිනයට පෙර ගෙවීමට අපොහොසත් වේ නම් අංක 1722 දරණ 2011 සැප්තැම්බර් 02 සිකුරාදා නිකුත් කර ඇති ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ගැසට් පත්‍රයේ IV කොටසේ පල කර ඇති අතුරු ව්‍යවස්ථාවේ 18 III (අ) සහ එහි 19 වන වගන්තියට අනුව සහ කුරුවිට ප්‍රාදේශීය සභාව සතු බලතල අනුව ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වීමට හැකියාව ඇත.

ස්ථිර දැන්වීම් පුවරු

  • ස්ථිර දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා ආදායම් පරික්ෂක වාර්තාවක් ලබා ගැනීමෙන් පසු නිර්දේශයට අනුමැතියට ඉදිරිපත් කොට අය කිරීම් ලබා ගැනීම සිදු කෙරේ.(වර්ග අඩියකට රු.150.00ක් අය කෙරේ.)
  • පළමු ගෙවීම් දින සිට අවුරුද්දක් ගිය පසු දැන්වීම් පුවරු ප්‍රදර්ශනය අලුත් කල යුතුය.
  • සියළුම ස්ථිර දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සඳහා එක් වර්ෂයකට පමණක් අවසර ලබා දෙනු ලැබේ.
  • දැන්වීම් පුවරු අලුත් කිරීම සඳහා ලිපි මගින් දැනුවත් කරනු ලැබේ

තාවකාලික දැන්වීම් පුවරු

  • තාවකාලික දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සඳහා ආදායම් පරික්ෂක වාර්තාවක් ලබා ගැනීමෙන් පසු නිර්දේශයට හා අනුමැතියට ඉදිරිපත් කොට අය කිරීම් ලබා ගැනීම සිදු කෙරේ. (වර්ග අඩියකට රු.100.00 බැගින් අය කෙරේ.)
  • තාවකාලික බැනර්/ කටවුට් එක් මාසයකට යටත්ව ප්‍රදර්ශන අයිතිය ලබා දෙන අතර, ඉන් අනතුරුව එම දැන්වීම් පුවරු ඔබ විසින් ගලවා ඉවත් කර ගැනීම අනිවාර්ය වේ.
  • තවදුරටත් ඉදිරියට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය නම් ගෙවීම් කර අලුත් කල යුතුය. (මාසයකින් ඉදිරියට)

 

වරිපනම් බදු

වරිපනම් බදු යනු කුමක්ද?

ප්‍රාදේශීය සභා සීමාව තුල පදිංචි සෑම නේවාසිකයෙකු විසින්ම සිය නේවාසික දේපලෙහි වාර්ෂික තක්සේරු වටිනාකම මත ප්‍රදේශිය සභාව වෙත ගෙවිය යුතු බද්ද වරිපනම් බදු ලෙස හැදින්වේ. වරිපනම් බදු පැනවීමේදී ප්‍රදේශිය සභාව විසින් වාර්ෂිකව ප්‍රදේශිය සභාවේ අනුමැතිය යටතේ නිවැසියන් විසින් ගෙවිය යුතු වරිපනම් බදු අනුපාතය තීරණය කරනු ලබයි. වර්තමානයේදී දේපලවල වාර්ෂික වටිනාකමින් 6 % ක් ලෙසද වරිපනම් බදු අයකෙරේ.

වරිපනම් ජනතාව‍ගෙන් අය කරනු ලබන්නේ,
වරිපනම් බදු පනවා අය කිරීමට ලබා දී ඇති බලය අනුව, ප්‍රදේශිය සභා බල ප්‍ර‍දේශය තුල ජීවත්වන ජනතාවට අවශ්‍ය සේවාවන‍් සැපයීම උදෙසා අරමුදල් සම්පාදනය කර ගැනීම මෙහිදී සිදු වේ.

වරිපනම් ගෙවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • සෑම වර්ෂයකදීම වරිපනම් බදු ගෙවීමේදී ජනවාරි 31 පෙර ගෙවනු ලැබුවහොත් 10% ක වට්ටමක් හිමිවේ.
  • කාර්තුව මුල් මාසයේ ගෙවනු ලබන්නේ නම් 5% ක වට්ටමක්ද හිමිවේ.
  • අදාල කාර්තුව අවසානයේ වරිපනම් බදු නොගෙවන්නේ නම් නේවාසික දේපලකට 10% ක වරෙන්තු (අධි ගාස්තුවක් )ගාස්තුවක්ද අයකරනු ලැබේ.
  • දීර්ඝ කාලීනව වරිපනම් බදු ගෙවීම් පැහැර හරිනු ලබන දේපල ප්‍රාදේශිය සභා පනතට අනුව දේපල තහනම් කිරීමට හැකියාව ඇත.

තක්සේරු දැන්වීම් නිකුත් කිරීම

සෑම වර්ෂයක් පාසාම සිදු කරනු ලැබේ. එය පෙර වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මස සිට නිකුත් කිරීම ආරම්භ කරයි.

වරිපනම් අංශයෙන් සැපයෙන සේවා :

  • වරිපනම් අය කිරීම
  • වරිපනම් ලේඛනවල නම් සංශෝධනය කිරීම.
  • නව දේපල තක්සේරු කිරීම හා නව වරිපනම් අංක ලබාදීම.
  • තක්සේරු විරෝධතා පරික්ෂණ පැවත්වීම.
  • වරිපනම් සහතික නිතුත්කිරීම

ඔබගේ නම වරිපනම් ලේඛනයට ඇතුලත් කර ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ :

  • අදාල දේපල සම්බන්ධයෙන් ඔබ සතුව පවත්නා අයිතිය තහවුරු වීම.
  • ඔබගේ නමින් වරිපනම් දැන්වීම් හා වරිපනම් බදුපත් නිකුත් වීම.
  • ඔබගේ නමින් හිමිකම් සහතික සහ නොපවරවා ගැනීමේ සහතික ලබා ගැනීමට හැකිවීම.
  • ඉඩම් හිමියාගේ නමින් ගොඩනැගිලි සැලසුම් හා අනුකූලතා සහතික ලබා ගැනීමට හැකිවීම.
  • ඉඩම් කට්ටි අනුමත කර ගැනීම සඳහා පිඹුරුපත ඉදිරිපත් කිරීමේදී ඔබගේ නම වරිපනම් ලේඛනයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.
  • බදු විරෝධතා සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම ඔබට අවශ්‍ය වන්නේ නම්, ඔබේ නම වරිපනම් ලේඛනයට ඇතුලත් වී තිබිය යුතුයි.
  • නව වරිපනම් අංක ලබා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඔබට ඒ සඳහා අයදුම් කළ හැක්කේ ඔබගේ නමට අදාල දේපල ලියාපදිංචි වී ඇතිවිටය.
  • රජයේ පාසල් වලට ශිෂ්‍යන් ඇතුලත් කර ගැනීමේදී පදිංචිය තහවුරු කර ගැනීමට.
  • අදාල දේපලයන් උකසට තබා බැංකු ණය ලබා ගැනීමේදී ඔබගේ නම වරිපනම් ලේඛනයට ඇතුලත්වී තිබීම අනිවාර්ය වේ.
  • ජල බිල්පත් වල හා විදුලි බිල්පත්වලට ඔබගේ නම ඇතුලත් කර ගැනීමට අවශ්‍ය වූ විට ප්‍රාදේශිය සභාවේ වරිපනම් ලේඛනයේ නම ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
  • ප්‍රාදේශිය සභාවේ වරිපනම් ලේඛනයන්හි නම ලියාපදිංචි කර ගෙන ඇති වරිපනම් බදු නිසියාකාරව ගෙවා ඇති ඉඩම්වල වෙළඳපොල වටිනාකම වැඩිවීම. එවිට ඔබට එම දේපලයන් වැඩිමිලකට විකුණා ගැනීමට හැකිවනු ඇත.

අක්කර බදු :

1987 අංක දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියේ (31) වන උප වගන්තියෙන් ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටියා වූ ද ඉහත කී පනතේ 135 වැනි වගන්තියේ නියමය යටතේ අක්කර බද්දෙන් නිදහස් කර නොමැත්තා වු ද ස්ථිර හෝ නිතිපතා ගොවිතැනක් යටතේ වූ ,
(අ) හෙක්ටයාර් පහක් හෝ ඊට වැඩි වූ සෑම ඉඩමක් වෙනුවෙන් ම එකී ඉඩමේ සෑම හෙක්ටෙයාරයක් ම මත වර්ෂයක් සඳහා රු.10.00 බැගින් වන වාර්ෂික අක්කර බද්දක් පනවා අය කිරීමට
(ආ) ඉහත කී පනතේ 134 වන වගන්තියේ (3) වන උපවගන්තියේ අතුරු විධානය යටතේ පළාත් පාලන විෂය භාර ගරු අමාත්‍යතුමා විසින් කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් විශේෂ ප්‍රදේශයක් වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 544 IV ((ආ) කොටසේ 1989.02.03 වැනි දිනැති ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති හෙයින් හෙක්ටෙයාර් එකකට වැඩි හෙයින් හෙක්ටයාර් පහකට අඩු වූ සෑම ඉඩමක් මත වර්ෂයක් සඳහා රු.50.00 බැගින් වන වාර්ෂික අක්කර බද්දක් පනවා අය කිරීමට සහ
(ඇ) ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියේ (6) වන උප වගන්තියේ විධිවිධාන යටතේ එකී වර්ෂයේ මාර්තු 31 ජුනි 30 සැප්තැම්බර් 30හා දෙසැම්බර් 31 යන දිනවලට පෙර සමාන වාරික 04 කින් ගෙවිය හැක.

වරිපනම් /අක්කර බදු ලේඛන වල නම් සංශෝධනය කිරීම.

යම් කිසි දේපළක් මිලදී ගැනීමෙන් පසුව හෝ දේපළක් පැවරීමකදී මෙන්ම නීතියෙන් එකී දේපළ යම් කිසි පුද්ගලයකුට හිමි වුවහොත් හෝ එම දේප‍ළෙහි පෙර සඳහන් නාමය වෙනස් කිරීම මෙම තත්සේරු ලේඛනයෙහි නම සංශෝධනය කිරීම ලෙස හැදින්වේ.

නම සංශෝධනය සඳහා අවශ්‍ය ලියවිලි

  • ඉල්ලිම් ලිපිය
  • ඉල්ලුම් පත්‍රය (රු.500.00 ගාස්තුවක් අයකරනු ලැබේ.)
  • අයිතිය තහවුරු කිරීම සඳහා ඔප්පුවේ පිටපත
  • බිම් සැලැස්ම

වරිපනම් /අක්කර බදු ගෙවීම සිදුකිරීම

  • වරිපනම් බදු ගෙවීමේදී ප්‍රධාන කාර්යාලයට හෝ උප කාර්යාලවලට (නාමල්දේනිය-එල්ලාවල), දොඩම්පේ, කිරිඇල්ල) මුදලින් හෝ චෙක් පතින් ගෙවිය හැක.
  • ඉදිරි දාතම යෙදු චෙක්පත් ගෙවිය නොහැක.
  • චෙක්පතින් ගෙවීම් කිරීමේදී ලේකම්, ප්‍රදේශිය සභාව, කුරුවිට වෙතට ගෙවිම් කළ යුතුය.

 

විනෝද බදු

විනෝද බදු යනු කුමක්ද?

සෑම පළාත් බදු මණ්ඩලයකටම යෝජනාවක් මගින් එකී පාලන බල ප්‍රදේශය තුල පවත්වනු ලබන විනෝද කටයුතු සදහා ගෙවනු ලබන ඇතුළුවීමේ ගාස්තුවෙන් එකී යෝජනාවේ නිශ්චිත වශයෙන් දැක්වෙන ප්‍රමාණයකට හෝ අනුකුලව බද්දක් අය කිරීම.

සැණකෙළි (විනෝද බදු මුදල් 10% කි)

  • ලිපියක් ඉදිරිපත් කර නිර්දේශය හා අනුමැතිය ලබා ගැනීම. (එයට ආදායම් පරීක්ෂක මහතාගේ වාර්තාව ඇතුළත් කර ගත යුතු අතර එය අනුමත කර යුතුය.)
  • එයට අදාල ටිකට් පත් සීල් කර යුතුය.
  • එයට අදාලව අය කර ගන්නා මුදල් තැන්පත් ලෙස අය කර ගත යුතුය.
  • ටිකට්පත් (සැණ‍කෙළි කාලය තුළ) පරීක්ෂාව සිදු කෙරේ.

වෙළඳ බලපත්‍ර

වෙළඳ බලපත්‍ර යනු,

කුරුවිට ප්‍රාදේශීය සභා සීමාවේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයන් අතුරින් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා ආඥා පනතේ 147-149 වගන්ති යටතේ කුරුවිට ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු වූ විට ඒ සඳහා ලබාගත යුතු බලපත්‍රය වෙළඳ බලපත්‍රය වේ. ඒ සඳහා පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ගාස්තුව වෙළඳ බලපත්‍ර ගාස්තුව වේ. (එමෙන්ම සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා මුළු පිරිවැටුම මත 1%ක බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලබයි.

වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුත්තේ ඇයි?

  • සභා බල සීමාව තුළ ඇති සියලු ව්‍යාපාරයන් පවත්වාගෙන යාම,පාලනය කිරීම,පරිපාලනය කිරීම,අධීක්ෂණය කිරීම.
  • නෛතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා
  • වෙළඳ ව්‍යාපාරය මහජන සෞඛ්‍යයට හිතකර අයුරින් පවත්වාගෙන යන්නේ දැයි තහවුරු කර ගැනීමට වෙළඳ බලපත්‍රය අදාල වර්ෂයට ලබාගෙන තිබිය යුතු ය.

 

වෙළඳ බලපත්‍රයක් ලබාගන්නා ආකාරය

  • අදාල අයදුම්පත්‍රය කාර්යාලයට පැමිණ ලබා ගැනීම හෝ වෙබ් අඩවියෙන් බාගතකර ගත යුතුය. ( ආදායම් පරීක්ෂක මඟින් ක්ෂේත්‍රයේ දී අයදුම්පත්‍රය ලබා දීම සිදු කෙරේ.)
  • අයදුම්පත්‍රය සම්පූර්ණ කර කාර්යාලයට භාර දීම.
  • ආදායම් පරීක්ෂකගේ නිර්දේශය ලබා ගැනීම.
  • ලේකම්තුමිය/තුමාගේ නිර්දේශය ලබා ගැනීම.
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය ලබා ගැනීම. (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කුරුවිට/කිරිඇල්ල)
  • අයදුම්පත්‍රය සඳහා සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම.
  • සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සඳහා අදාල ගාස්තු අයකිරීම. ( ගාස්තු පිළිබඳව දැන ගැනීම සඳහා රජයේ ගැසට් පත්‍රයේ වාර්ෂිකව පළකරනු ලබයි)
  • සකස් කළ වෙළඳබලපත්‍රය ලේකම්තුමියගේ/තුමාගේ හා සභාපතිතුමාගේ අත්සනට ඉදිරිපත් කිරීම.
  • වෙළඳබලපත්‍රය නිකුත් කිරීම.

 

ව්‍යාපාර බද්ද

කුරුවිට ප්‍රාදේශීය සභා සීමාවේ පවත්වාගෙන යනු ලබන වෙළඳ බලපත්‍ර හා කර්මාන්ත නොවන ව්‍යාපාරයන් සඳහා 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා ආඥා පනතේ 152(1) වගන්තිය යටතේ කුරුවිට ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට ව්‍යාපාර බද්දක් ගෙවිය යුතු වේ.

ව්‍යාපාර බදු බලපත්‍රයක් ලබාගන්නා ආකාරය

  • අදාල අයදුම්පත්‍රය කාර්යාලයට පැමිණ ලබා ගැනීම හෝ වෙබ් අඩවියෙන් බාගතකර ගත යුතුය. ( ආදායම් පරීක්ෂක මඟින් ක්ෂේත්‍රයේ දී අයදුම්පත්‍රය ලබා දීම සිදු කෙරේ.)
  • අයදුම්පත්‍රය සම්පූර්ණ කර කාර්යාලයට බාර දීම.
  • ආදායම් පරීක්ෂක නිර්දේශය ලබා ගැනීම.
  • ලේකම්තුමිය/තුමාගේ නිර්දේශය ලබා ගැනීම.
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය ලබා ගැනීම. (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කුරුවිට/කිරිඇල්ල)
  • අයදුම්පත්‍රය සඳහා සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම.
  • සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සඳහා අදාල ගාස්තු අයකිරීම. ( ගාස්තු පිළිබඳව දැන ගැනීම සඳහා රජයේ ගැසට් පත්‍රයේ වාර්ෂිකව පළකරනු ලබයි)
  • සකස් කළ ව්‍යාපාර බදු බලපත්‍රය ලේකම්තුමියගේ/තුමාගේ හා සභාපතිතුමාගේ අත්සනට ඉදිරිපත් කිරීම.
  • ව්‍යාපාර බදු බලපත්‍රයක් නිකුත් කිරීම.

කර්මාන්ත බද්ද

කුරුවිට ප්‍රාදේශීය සභා සීමාවේ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ස්වරූපයේ ව්‍යාපාරයන් සඳහා 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා ආඥා පනතේ 150(1) වගන්ති යටතේ කුරුවිට ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව කිසියම් කර්මාන්තයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට කර්මාන්ත බද්දක් ගෙවිය යුතු වේ.

කර්මාන්ත බදු බලපත්‍රයක් ලබාගන්නා ආකාරය

  • අදාල අයදුම්පත්‍රය කාර්යාලයට පැමිණ ලබා ගැනීම හෝ වෙබ් අඩවියෙන් බාගතකර ගත යුතුය. ( ආදායම් පරීක්ෂක මඟින් ක්ෂේත්‍රයේ දී අයදුම්පත්‍රය ලබා දීම සිදු කෙරේ.)
  • අයදුම්පත්‍රය සම්පූර්ණ කර කාර්යාලයට බාර දීම.
  • ආදායම් පරීක්ෂක නිර්දේශය ලබා ගැනීම.
  • ලේකම්තුමිය/තුමාගේ නිර්දේශය ලබා ගැනීම.
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය ලබා ගැනීම. (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කුරුවිට/කිරිඇල්ල)
  • අයදුම්පත්‍රය සඳහා සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම.
  • සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සඳහා අදාල ගාස්තු අයකිරීම.( ගාස්තු පිළිබඳව දැන ගැනීම සඳහා රජයේ ගැසට් පත්‍රයේ වාර්ෂිකව පළකරනු ලබයි)
  • සකස් කළ කර්මාන්ත බදු බලපත්‍රය ලේකම්තුමියගේ/තුමාගේ හා සභාපතිතුමාගේ අත්සනට ඉදිරිපත් කිරීම.
  • කර්මාන්ත බදු බලපත්‍රයක් නිකුත් කිරීම.
    (සැලකිය යුතුයි :- සෑම වර්ෂයකම මාර්තු 31ට පෙර වෙළඳ බලපත්‍ර/ව්‍යාපාර බදු/කර්මාන්ත බදු ගෙවිය යුතුයි.)